Tuesday, June 10, 2025
Follow Us
මෙම ඖෂධ නිෂ්පාදනායතනයේ නිෂ්පාදන කටයුතු ආරම්භවීමත් සමඟ මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සුවිශාල පෙරළියක ආරම්භය සනිටුහන් වන බව සෞඛ්ය අමාත්යවරයා පවසයි.

බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ මේ වන විට ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන හා මූලික පර්යේෂණ නිෂ්පාදන කටයුතු සිදුවන මෙරට විශාලතම බටහිර ඖෂධ දේශීය නිෂ්පාදන ආයතනය වන සිනර්ජි ෆාමසියුටිකල්ස් කෝපරේෂන් පුද්ගලික සමාගම (Synergy Pharmaceuticals Corporation Private Limited) පසුගිය දා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

අක්කර 1000 ක පමණ වපසරියක් සහිත බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ අක්කර 15 ක භූමි ප්රදේශයක් ආවරණය කරමින් ඇමරිකානු ‌ඩොලර් මිලියන 120 (USD 120M) මුල්ය ආයෝජනයක් මත ජාත්යන්තර තත්ත්ව සහතිකයන්ට අනුගත ව ඉදිකෙරෙන මෙම ඖෂධ කර්මාන්ත ශාලාවේ ඉදිකිරිම් කටයුතුවල වත්මන් තත්ත්වයත්, නවිනතම තාක්ෂණය හා ප්රමිතීන්ට අනුගත ව ස්ථාපනය කෙරෙන අතිනවීන ඖෂධ නිෂ්පාදන යන්ත්රෝපකරණ පද්ධතිය මෙන් ම මෙහි මුලික ඖෂධ නිෂ්පාදන කටයුතු ද මෙහි දී සෞඛ්ය අමාත්යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
එමෙන් ම ඖෂධ නිෂ්පාදන ආයතනයේ සේවය කරන සේවකයින් 700 වඩා පිරිසකට නවාතැන් ගැනීමට හැකි වන පරිදි ඉදිකෙරෙන නේවාසිකාගාර ගොඩනැගිල්ල ද සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී නිරීක්ෂණය කළේය.
 
දකුණු ආසියානු කලාපයේ විශාලතම ඖෂධ නිෂ්පාදකයා බවට පත් වෙමින් දැනට ශ්රී ලංකාව ආනයන මත යැපෙන මෙරටට අවශ්ය සියලුම අත්යවශ්ය ඖෂධ මෙහි නිෂ්පාදන කිරීමට නියමිත ය. එමෙන් ම මෙම නව ඖෂධ නිෂ්පාදනාගාරය තුළ Oral Solid Dosage (OSD), එන්නත්, පිළිකා සහ හෝමෝන ඖෂධ ඇතුළු විවිධ උසස් තත්ත්වයේ ඖෂධ ඉහළ ගුණාත්මකභාවයෙන් සහ අති නවීන තාක්ෂණය යොදාගනිමින් නිෂ්පාදනය කිරීමට සිනර්ජි ෆාමසියුටිකල්ස් කෝපරේෂන් පුද්ගලික සමාගම සැලසුම් කර ඇත. දකුණු ආසියාවේ සියලුම ඖෂධ සඳහා විශාලතම පර්යේෂණ හා සංවර්ධන රසායනාගාරය බවට පත්වීමට ද මෙම ආයතනය අපේක්ෂා කරන අතර, මෙම වසර අවසානයේ මෙහි මූලික ඖෂධ නිෂ්පාදන කටයූතු ආරම්භ කිරීමට ද නියමිතය. Senura Civil Engineering (PVT) Ltd ආයතනය මෙහි නිර්මාණ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.
 
ඖෂධ නිෂ්පාදන ආයතනය නිරීක්ෂණයෙන් පසු අදහස් දැක් වූ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා මෙම ඖෂධ නිෂ්පාදන ආයතනය ආරම්භවීමත් සමග මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ පෙරළියේ ආරම්භය සනිටුහන් වන බවත්, නූතන ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේ සිදු කරනු ලබන විප්ලවයේ පුරෝගාමින් බවට මෙම ඖෂධ නිෂ්පාදන ආයතනය හැකිවනු ඇති බව ද පැවසී ය. ඉදිරි වසර දෙක තුළ රජයේ රෝහල්වලත්, වෙළෙදපොලෙත් මෙම ආයතනය නිෂ්පාදනය කරනු ලබන ජාත්යන්තර ප්රමිතියෙන් යුත් ඖෂධ නිෂ්පාදන දැකගත හැකි වනු ඇති බව ද පැවසී ය.
මෙරට රෝහල් පද්ධතියට සහ සෞඛ්ය අංශයෙන් ප්රතිකාර ලබාගැනීමට පැමිණෙන සියලුම පුරවැසියන්ට අවශ්ය කරන දැනට ලබාදීමට අපොහොසත්ව ඇති සියලුම ඖෂධ සහ එන්නත් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් ලබාදීම සිය අරමුණ බව පැවසු සෞඛ්ය අමාත්යවරයා පසුගිය කාලයේ ඖෂධ ක්ෂේත්රයේ පැවැති ගැටළු නිසා තවත් මාස කිහිපයක් යනතෙක් මේ ප්රශ්නයට මුහුණදීමට සිදු වනු ඇති බවත්, ලබන වසරේ සිට හෝ රෝහල් පද්ධතියට ලබාදිය යුතු ඖෂධවලින් සියයට 95 ක් පමණ හෝ අඛණ්ඩ ව ලබාදීම සෞඛ්ය අමාත්යාංශයේ බලාපොරොත්තුව බව ද පැවසී ය.
රජය වාර්ෂිකව බිලියන 200 කට ආසන්න මුදලක් ජනතාවට ඖෂධ ලබාදීම උදෙසා වෙන් කෙරෙන බවත්, රජය කොතරම් මුදලක් වෙන් කළ ද සැපයුම්දාමයේ දුර්වලතා හේතු‌වෙන් ජනතාවට නියමිත වේලාවට ඖෂධ ලබාදීමට නොහැකිවීම තුළ ආණ්ඩුව නිරතුරුවම චෝදනාවලට ලක්වන බව පෙන්වා දුන් අමාත්යවරයා මෙම ගැටළු නිරාකරණයට ඇති නිවැරදිම පිළිතුර මෙරට දේශීය ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීම බව ද පෙන්වා දෙනු ලැබී ය.
 
විශාල මුල්ය ආයෝජනයක් සහිතව මෙරටට අවශ්ය බොහෝ ඖෂධ නිෂ්පාදනයට මෙම නිෂ්පාදන ආයතනය තුළ අවධානය යොමු කිරිම ඉතා වැදගත් වන බවත්, මෙම ඖෂධ නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන සැමවිටම ජාත්යන්තර ප්රමිතීන්ට අනුව උසස් හා ගුණාත්මක තත්ත්වයෙන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබීම අගය කළ යුතු කරුණක් බවත් අමාත්යවරයා පැවසී ය.
 
ඉදිරියේ දී ඖෂධ නිෂ්පාදන කටයුතු සිදු කිරීමට මහාපරිමාණයෙන් මෙරටට තවතවත් ආයෝජකයින් කැඳවාගෙන එ්ම නව රජයේ අරමුණ බව ද අමාත්යවරයා පැවසීය. දේශීය නිෂ්පාදකයින් ඉහළ මට්ටමේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ නම් ඒ සඳහා රජය හැකි සියලුම සහයෝගයන් ලබාදීමට නොපැකිළිව කටයුතු කරන බව ද අමාත්යවරයා පැවසී ය.
 
මෙරට ප්රධාන ආර්ථික කලාපයක් ලෙස බිංගිරිය අපනයන සැකසුම් කලාපය සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ තුළ මෙම ඖෂධ නිෂ්පාදනායතනය ආරම්භ කිරිමත් සමග රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් වනවා පමණක් නොව ප්රදේශයේ විශාල පිරිසකට සෘජු රැකියා අවස්ථා උදාවීම ද විශේෂත්වයකි. මෙම කාර්මාන්ත ශාලාව තුළ පමණක් රැකියා අවස්ථා 2500 ක් පමණ උත්පාදනය වී ඇත.