පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහල් සැපයුම් ආයතනවල නිෂ්පාදන හා සැපයුම් ක්‍රියාවලිය පිළිබඳ අධීක්ෂණ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව වාර්තා වෙයි.
මෙහි දී දෛනික ජාතික සහල් අවශ්‍යතාවයෙන් සියයට විසිපහක් (25%) පමණ පොළොන්නරුවේ ප්‍රධාන සැපයුම් ආයතන නවයක් මඟින් දෛනිකව සැපයෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධීක්ෂණ අනුව පෙන්නුම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ පොළොන්නරු ඒකකය සඳහන් කරයි.
එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහල් සැපයුම් ආයතන නවයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පොළොන්නරුව ඒකකයේ අධීක්ෂණයට ලක්වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධානී සහ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානී චන්ද්‍ර කුමාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කණ්ඩායම් දෙකක් විසින් මෙම අධීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.