Friday, October 18, 2024
Follow Us
ඉන්ධන ප්‍රවාහන දුම්රියක වනඅලි රංචුවක් ගැටෙයි

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් වනඅලි රංචුවක් ගැටිමෙන් අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වෙයි.

මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදි අද (18) අලුයම 3.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

ඉන් දුම්රියේ ඉන්දන ටැංකි හතරක් පිළි පැන ඉන් දෙකක් පෙරළි ගොස් ඇති බව වාර්තා වන අතර මෙම අනතුරින් වනඅලියෙකු මිය ගොස් තවත් වනඅලි කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඉන්ධන ප්‍රවාහන තෙල් ටැංකි පෙරලීමෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇති බවය.

ඒ හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.