Friday, June 28, 2024
Follow Us
අදත් විටින්විට වැසි හා සුළං ඇති වෙයි

බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණතරමක් තද වැසි ඇතිවිය හැක.

උතුරු පළාතෙත් මාතලේ සහඅනුරාධපුර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.