Wednesday, May 14, 2025
Follow Us
දෙසැම්බරය වන විට අඩපණ වූ රට යළි නැගිටියි

කොරෝනා වෛරසය නිසා අඩපණ වූ දේශීය ක්‍රියාකාරකම් මෙම වසරේ සිව්වැනි කාර්තුවේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

රටේ පනවා ඇති සමාජ දුරස්ථ භාවය සඳහා වන ක්‍රියාමාර්ග දෙවැනි කාර්තුව අවසන් වනවිට බොහෝදුරට ලිහිල් වනු ඇතැයිද අපේක්ෂා කරන මහ බැංකුව ගෝලීය ආර්ථික තත්ත්වයන් වර්ධනය වීමත් සමග සංචාරක, අපනයනාභිමුඛ නිෂ්පාදන ආදී විදේශීය අංශය හා සම්බන්ධ කර්මාන්ත යථා තත්ත්වයට පත්වනු ඇතැයිද කියා සිටී.

කෙසේ වෙතත් මෙම වසරේදී වාර්ෂික පූර්ණ ආර්ථික වර්ධනය තවදුරටත් පහත වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සිය 2019 වාර්ෂික වාර්තාවේ පුරෝකථනය කර ඇත. පවතින වෙළෙඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදනය 2020 (මෙම වසරේ) රුපියල් බිලියන 15,925ක් සහ 2021 දී රුපියල් බිලියන 17,466ක් වනු ඇති බවට පුරෝකථනය කරන මහ බැංකුව වෙළෙඳ පරතරය 2020 දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6675ක් සහ 2021දී ඩොලර් මිලියන 9081ක් වනු ඇතැයිද පුරෝකථනය කර ඇත.

(Aruna)