‘යහපාලන’ ආණ්ඩුව බලයට පත්වී වසර හතර හමාරක් ගතව ඇති මේ මොහොතේ ආණ්ඩුවේ කාර්ය සාධනය ගැන අපට ඇත්තේ බලවත් කලකිරීමකි. ආණ්ඩුව පිළිබ`ද ජනතා විශ්වාසය පළුදුවීමට තුඩුදුන් ඕනෑතරම් හේතු මේ වනවිට නිර්මාණය වී තිබේ. මින් ප‍්‍රධානතම හේතුව වන්නේ බලයට පත් ආණ්ඩුව ඉදිරිපත් කරන දේශපාලන ප‍්‍රකාශ සහ ඒවා ක‍්‍රියාත්මක කිරීමේ දී ඇති වී තිබෙන දරුණු පරස්පරතාවයි.
තිස් වසරක කුරිරු ත‍්‍රස්තවාදය පරදවා ස්ථාපිත කෙරුණු ජාතික ආරක්ෂාව ද අද පළුදු වී ඇති බව පාස්කු ප‍්‍රහාරය හා එමඟින් අනාවරණය වූ කරුණු හරහා අපට ඒත්තු ගැන්වී ඇත. තවදුරටත් රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන ද විශ්වාසය තැබීමට අපහසු තත්වයක් අද උදාවී ඇත. එමෙන්ම ‘යහපාලන’ ආණ්ඩුව යටතේ අප රටේ ආර්ථිකය ඉතා ම දුර්වල තත්ත්වයකට පත්වූ බව අප සියලූදෙනා හොඳින් ම දන්නා කාරණයකි. රටේ දළ දේශීය නිෂ්පාදනය මෙම දශකයේ වාර්තා වූ අවම අගය දක්වා පහත වැටි ඇත. 2010 සිට 2014 වර්ෂවල දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සමස්තයක් ලෙස 6.8% ක් වුවද 2015 සිට 2018 වර්ෂ වල එය 4% දක්වා පහත වැටිණි. මෙය 2019 වර්ෂයේ 2.9% වැනි අඩු මට්ටමකට පහත වැටී ඇත. ඒ වගේම රටේ විදේශ සංචිතය බිලියන 8.3 සිට බිලියන 6.7 කට පහත වැටී ඇත. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප‍්‍රමාණය ද මෙම කාලය තුළ දෙගුණයක් වැඩි විය. එමෙන් ම, ජනතාව මත පටවන ලද ඊනියා බදු ක‍්‍රමයේ ද කිසිදු පැහැදිලිතාවක් දක්නට නොවිණි.
මීට අමතරව ‘යහපාලන’ ආණ්ඩුවේ ප‍්‍රධාන දේශපාලන අලංකාරයක් වූ ‘අල්ලස හා ¥ෂණය පිටු දැකීම’ යන ජනතාවගේ සිත් ඇදගන්නා සුළු තේමාපාඨය මේ වනවිට බරපතල විහිළුවකට ලක්ව තිබේ. ඔවුන්ගේ ¥ෂණය පිටුදැකීම යන රංගනය දෙස ජනතාව බලා සිටින්නේ හාස්‍යෝත්පාදක නාටකයක ජවනිකාවක් නරඹන ආකාරයට ය. ¥ෂණය පිටුදැකීම ප‍්‍රධාන තේමාව කරගත් ‘යහපාලන’ ආණ්ඩුවේ වගකිවයුත්තන් බලයට පැමිණ ඉතා සුළු කාලයකින් මහබැංකු බැඳුම්කර වංචාව සිදුකර ‘යහපාලන’ ආණ්ඩුවේ දැලිගා ගත්තේය. ඒ සම`ග ම ත්‍ක්‍ෂෘ යන නීතියේ ආධිපත්‍යයට පටහැනිව ස්ථාපිත කරන ලද ”ගෙස්තාපු පොලිසිය” හරහා දිනපතා සිදුකළ නාඩගම හරහා ¥ෂණය කරපින්නා ගෙන ම හිතෙන-හිතෙන දේශපාලන විරුද්ධවාදීන් පිටුපස එලවමින් දේශපාලන පළිගැනීම්වල නිරතවන ආකාරය ජනතාව දුටුවෝ ය. එහෙත්, වසර හතර හමාරක් යනතෙක් කිසිදු චූදිතයකු වරදකරුවකු බවට පත්කිරීමට ‘යහපාලන’ ආණ්ඩුවට හැකි වී නැත. මෙයින් සනාත වන්නේ පදනම් විරහිතව ඔවුන් නගන ලද බොහෝ ¥ෂණ චෝදනා සාවද්‍ය බව ය. එමෙන්ම බැඳුම්කර වංචාව ගැන සොයා බලන්නට කොමිසමක් පත්කර රටම කැලඹුව ද එම කොමිසමේ එකදු නිර්දෙශයක් වත් මේ වන තෙක් ක‍්‍රියාත්මක වී නැත. එමෙන් ම, බැඳුම්කර වංචාවේ ප‍්‍රධාන චූදිතයා වන අර්ජුන් මහේන්ද්‍රන්ට රටින් පැනයන්නට ද ඉඩ දී තිබේග
මෙවන් ව්‍යාකූලත්වයකට මුහුණ දීමට ‘යහපාලන’ ආණ්ඩුවට බලපෑ ප‍්‍රධාන හේතු කිහිපයක් අපට හඳුනාගත හැකි ය. මෙහි ප‍්‍රධාන හේතුව ‘යහපාලන’ ආණ්ඩුව බිහිවූයේ විවිධ හා පරස්පර විරෝධී දේශපාලන දෘෂ්ටිවාදීගෙන් වීම ය. දසක හයක පමණ කාලයක් තිස්සේ ප‍්‍රතිවිරුද්ධ දේශපාලන දෘෂ්ටිවාදීන් වූ එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කිසියම් ආකාරයකින් එකමුතු වූයේ ඔවුනොවුන්ගේ දේශපාලන මතවාද සමපාතවීම නිසා නොව, එකිනෙකාගේ පෞද්ගලික දේශපාලන වුවමනාවන් නිසා බව පැහැදිලි ය.
මෙම පෞද්ගලික න්‍යාය පත‍්‍රවල ප‍්‍රධාන අරමුණ වන්නේ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් තුරන් කිරීම මිස රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම හෝ ජාතික සංහිඳියාව ඇතිකිරීම හෝ රට සංවර්ධනය කිරීම හෝ නොවේ. මෙම පෞද්ගලික න්‍යාය පත‍්‍ර හේතුවෙන් ‘යහපාලන’ ආණ්ඩුවට රටට ගැලපෙන ජාතික න්‍යායපත‍්‍රයක් නිර්මාණය කොට එය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ. ආණ්ඩුවේ එකිනෙකට පරස්පර විරෝධී ක‍්‍රියා කලාප සහ ප‍්‍රකාශ මගින් මෙය තවදුරටත් පැහැදිලි වෙමින් තිබේ.
එමෙන් ම, 19 වැනි ආණ්ඩුක‍්‍රම සංශෝධනයන් මගින් රටේ විධායක බලය ප‍්‍රධාන බල කේන්ද්‍ර දෙකක් හරහා කේන්ද්‍රගත විය. මේ නිසා, පැහැදිලි නිශ්චිත තීන්දු තීරණවලට එළඹීම ඉතා අභියෝගාත්මක කරුණක් වී ය. ජනාධිපති හා අගමැති අතර ඇති වුණු බල අරගලය හරහා රටේ ප‍්‍රතිපත්ති සකස් කිරීමේදී ද, ඒවා ක‍්‍රියාත්මක කරලීමේදී ද ඇති වූ ව්‍යාකූල තත්වයන් අප දුටුවෙමු. මෙමගින් සමස්ථ රාජ්‍ය පාලනයම බිඳ වැටීමක් ද සිදුවිය. මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට නම් මින් ඉදිරියට රටට අවශ්‍ය වන්නේ පැහැදිලි නිශ්චිත දර්ශනයක් ඇති, ආණ්ඩු සහ ආණ්ඩු කරන දේශපාලකයන් කෙරෙහි පළුදු වූ ජනතා විශ්වාසය යළි ගොඩනගා තහවුරු කරන ශක්තිමත් නායකත්වයකි.
GR -MR සංයෝජනයග
එම පළුදු වූ විශ්වාසය යළි ගොඩනැගීමට ඨඍ -ඵඍ සංයෝජනය මේ අවස්ථාවේ රටට වඩාත් සුදුසු යැයි හැෙඟන්නේ ප‍්‍රධාන හේතු කිහිපයක් නිසා ය. දේශපාලන දෘෂ්ටිවාදය අතින් ඔවුන් දෙදෙනා ම සිටින්නේ එක ස්ථාවරයක ය. එමෙන් ම, ඒ හා සමාන දෘෂ්ටිවාදයකින් යුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් දේශපාලන පක්ෂ රැුසක් ඔවුන් දෙදෙනාගේ නායකත්වය පිළිගෙන ප‍්‍රගතිශීලී පුළුල් සන්ධානයක් ගොඩනගා ගෙන තිබේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු අහසින් කඩා වැටුණු දේශපාලන පක්ෂයක් නොවේ. එය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යන බීජයෙන් ම රෝපණය වූ දේ්ශපාලන පක්ෂයකි. දේශපාලන මතවාදයට අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමස්තයක් වශයෙන් සමාන තලයක සිට කටයුතු කරයි. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මතවාදය ඉහත පක්ෂ දෙකේ ම මතවාදයන්ට වඩා බෙහෙවින් වෙනස් එකකි.
සමාන මතවාදයකින් යුතුව එක් ස්ථාවරයක පිහිටා සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තම දේශපාලන දැක්ම රටට ඉදිරිපත් කර තිබේ. ඔවුන්ගේ එම ප‍්‍රගතිශීලී දේශපාලන මතවාදය කෙරෙහි මෙරට ජනතාව තම විශ්වාසය පළකර ඇති බව 2018 පළාත් පාලන මැතිවරණයේ දී මෙන් ම, පසුගිය දා පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයයෙන් ද අපට දැකගත හැකිවී ය. රටේ ජනගහනයෙන් බහුතරයක් (60% කට වඩා ප‍්‍රමාණයක්* ඔවුන් වටා රොක් වී අවසානය.
එමෙන් ම, දහනවවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කර තිබෙන ද්විත්ව බල කේන්ද්‍ර ව්‍යාකූලත්වය තුළ එක ම දේශපාලන මතවාදයක සහ එක ම සමාජ-දේශපාලන දෘෂ්ටියක පිහිටා කටයුතු නොකරන නායකයන් දෙදෙනකු රටක් පාලනය කිරීමේ දී රටේ ඇතිවන දේශපාලන අස්ථාවරත්වය අපි අත්දුටුවෙමු. එමගින් අපට පැහැදිලි වන්නේ රටේ ප‍්‍රතිපත්තිමය ස්ථාවරත්වයක් ඇති කිරීමටනම් එක හා සමාන දේශපාලන මතවාදයක් සහ අදහස් ඇති නායකයන් දෙදෙනකු රටේ ජනාධිපති හා අගමැති වීම අත්‍යවශ්‍ය බවයි.
එසේ ම, කාර්ය සාධනය සහ ඵලදායකත්වය අතින් ගෝඨාභය රාජපක්ෂ මහතා 100% විශ්වාසය උත්පාදනය කරගත් නායකයකු වග අපි හොඳින් ම දනිමු. ඔහු ආරක්ෂක ලේකම් ලෙස, තිස් වසරක කුරිරු ත‍්‍රස්තවාදය අවසන් කොට රටේ ආරක්ෂාව තහවුරු කළ නිර්භීත හා කාර්යක්ශම නිලධාරියෙකිි. ඛඔඔෑ ත‍්‍රස්්තවාදය පරාජය කිරීමට අපට නොහැකි යැයි මුළු ලොව ම නිගමනය කර තිබූ අවස්ථාවක ඔහු එම කාර්යය ඉතාමත් සාර්ථකව ඉටු කළේ ය. එමෙන්ම යුධ මෙහෙයුමෙන් පසු අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සහ ඔවුන්ගේ පුනරුත්ථාපනය ද ගැටුම් ප‍්‍රදේශ ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද පසුගිය රජය විසින් ඉතා සාර්ථකව සිදු කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධනය භාරව කටයුතු කළ සමයේ දී කොළඹ නගරය ඇතුළු නගර රැුසක සිදුකළ සංකේතාත්මක පරිවර්තනය අපි දුටිමු. ඉතාමත් කෙටි කාලයක් තුළ ඔහු රටට අත්කර දුන් මෙකී ප‍්‍රතිඵල හේතුවෙන් ඔහුගේ කාර්යක්ෂමතාව පිළිබඳ අපට සැකයක් නැත.
මහින්ද රාජපක්ෂ මහතා යනු, ජනතාව අතර ඉතාමත් ජනප‍්‍රියත්වයට පත් ඉතා ප‍්‍රියජනක හා කරුණාවන්ත නායකයෙකි. ශ‍්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු මෙරට බිහිවූ ජනප‍්‍රිය ම දේශපාලනඥයා ඔහු යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. එසේම, ඔහු වටා ඉතා ප‍්‍රබල දේශපාලන ප‍්‍රාග්ධනයක් ස්ථාපිත වී තිබේ.
මේ කරුණු සියල්ල හේතුවෙන් රටක ස්ථාවර පාලනයට අවශ්‍ය දේශපාලන ප‍්‍රාග්ධනය ද, රටක් පාලනය කිරීමට අවශ්‍ය අන්‍යෝන්‍ය අවබෝධය සහ මතවාදී එකඟතාව ද, ඒ සඳහා අවශ්‍ය කාර්යක්ෂමතාව ද මොවුන් සතු වේ. මෙම දෙපළගේ සංයෝජනය විසින් මෙම මොහොතේ අපේ රටට අවශ්‍යව තිබෙන සුසංයෝගය ධෛර්යය සහ විශ්වාසය ඇතිකරනු ඇතැයි අපට බලාපොරොත්තු විය හැකිය.