පාසල් සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිකුත් කරනු ලබන බස් ගමන් වාර ප්‍රවේශ පත්‍ර මගින් සෙනසුරාදා, ඉරිදා සහ අනෙකුත් සියලු නිවාඩු දිනයන් හී ද බාධාවකින් තොරව ගමන් කිරීමට අවසර ලබා දෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් මහතා ගමනාගමන මණ්ඩල සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත.
නිවාඩු දිනවල දී සිදු කරනු ලබන ගමන් වාරවලදී සිසුන් දැඩි අපහසුතාවයන්ට පත් වන බවට ලැබී ඇති පැමිණිලි රැසක් සැලකිල්ලට ගනිමින් එම අපහසුතාවයන් හට පිළියම් යොදමින් සිසුන් විසින් මාසය සඳහා ලබා ගන්නා වාර ප්‍රවේශ පත්‍ර මඟින් අදාළ මාසයේ සෑම දිනකම ශ්‍රී ලංගම බස් රථවල ගමන් කිරීමට හැකි වන පරිදි අවශ්‍ය කටයුතු වහාම සිදු කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ගමනාගමන මණ්ඩල සභාපතිවරයා වෙත උපදෙස් ලබා දෙන ලදී.