Thursday, March 12, 2026
Follow Us
ජාතික ආරක්ෂක වෙනුවෙන් ධීවරයින්ට අලුත් හැදුනුම්පතක්

ධීවරයින් සදහා නව හැදුනුම්පතක් හදුන්වාදීමට කෘෂිකර්ම ධීවර හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඊයේ (09) පැවති ධිවර දෙපාර්තමේන්තු ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ගත් තීරණයට අනුව නව හැදුනුම්පත සදහා ධීවරයින්ගේ ඇගිලි සලකුණද ලබා ගැනීමට නියමිතයි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම මෙහි අරමුණ වී තිබේ.

පළමු අදියරේදී බහුදින ධිවර යාත්‍ර 5000 ක ධීවරයින් 30000 කට අධික පිරිසකට මෙම හැදුනුම්පත නිකුත් කෙරෙනු ඇති.

(Aruna)