Tuesday, July 01, 2025
Follow Us
මැතිවරණය මැයි 14 වැනිදාට පසු දිනයක – අති විශේෂ ගැසට්ටුව පිටවෙයි

කොවිඩ්-19 ව්‍යසන තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා නොපැවැත්වෙන බවත්, මැතිවරණය සඳහා අප්‍රේල් මස 30 වැනිදා පසුවී දින 14කට පසු දිනයක් නියම කරන බවත් දක්වමින් අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් පෙරේදා (21 වැනිදා) නිකුත් කරන ලදී.

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (1) වගන්තිය යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් අංක 2167/12 හා 2020 මාර්තු මස 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද දැන්වීම මගින් පාර්ලිමේන්තු ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියම කර තිබිණි. එහෙත් ශ්‍රී ලංකාව තුළ පැතිරී යන කොවිඩ්-19 ව්‍යසන තත්ත්වය මත එදින ඡන්ද විමසීම නොපැවැත්වෙන බව අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් කර තිබේ.

(Lanka Leads)