Thursday, July 03, 2025
Follow Us
ආ‍යොජකයෝ ගොඩාක් කතා කරනවා. දහයකින් එක්කෙනෙක් දෙන්නෙක් සීරියස් ඇති - කෙහෙළිය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කිසිදු අමාත්‍යාංශයකට පවරා නැත්තේ ආයෝජකයින්ට සෘජුවම රටේ විධායක ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය වී ඇති නිසා බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

"ආයෝජන මණ්ඩලය ගැසට් නිවේදනයක් කරලා නැත්තේ, බොහොම පැහැදිලිවම ආයෝජකයින් එනකොට ඒ අයට වුවමනාවක් තියෙනවා රටේ විධායක ජනාධිපති, අගමැති මුණගැසිලා මේ සම්බන්ධව කතා කරන්න. ඒනිසා මණ්ඩලයක් හැටියට එතන තිබුණත් පැහැදිලිවම ඒකෙ තියන සියලුම ක්‍රියාකාරකම් සියල්ල ගැසට් කරලා තියෙන්නෙ මේ අමාත්‍යාංශය ( ආයෝජන ප්‍රවර්ධන ) යටතට. ඒනිසා, එතනින් තියෙන්නෙ මුණගැසීම පමණයි, සම්පූර්ණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නෙ මේ අමාත්‍යාංශය හරහා. මේ අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය තුළ තමයි එහි සියලුම වැඩකටයුතු පසුව වෙන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එසේම මේ වනවිට ආයෝජකයින්ගේ පැමිණීම පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ "මේ වෙනකොට අපේ විශේෂ උනන්දුවක් දක්වලා තියෙනවා විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. මේ වගේ තමයි සාමාන්‍යයෙන්. ඔයවගේ දහයක් එනකොට එක්කෙනෙක් දෙන්නෙක් අපට කතා කරන්න පුළුවන් බොහොම සීරියස් නැත්නම් සැබෑ ආයෝජකයින් හැටියට අපට හඳුනාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසය තුළ අපි කටයුතු කරනවා" යනුවෙනි.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මේ බව පවසා තිබුණේ නෙත් එෆ්. එම්. සේවයට ප්‍රකාශයක් කරමිනි.

(LNW)