Monday, February 09, 2026
Follow Us
අගමැති මහින්ද, බ්‍රිතාන්‍ය නව අගමැතිට සුබ පතයි

බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් ලබා ගත් විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පළ කර තිබෙනවා. සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් කොන්සවේටිව් පක්ෂයට ද සුබ පැතුම් එක් කරන බවයි.

බොරිස් ජොන්සන්ගේ නායකත්වය එම ජයග්‍රහණයට හේතුවී ඇති බවට කිසිදු සැකයක් නොමැති බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

(Neth)