Thursday, July 03, 2025
Follow Us
“ඔබේ ජයග්‍රහණයෙන් දේශීයත්වය පදනම් වු පාලනයකට ඇති නව නැඹුරුතාවය පෙන්වනවා” බ්‍රිතාන්‍ය අගමැතිට සුභපතමින් ජනපති කියයි.

එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් ජයගත් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට සහ කොන්සර්වටීව් පක්ෂයට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශුභාශිංසන එක් කර තිබෙනවා.

“ඔබේ ජයග්‍රහණය තවදූරටත් අපට තහවුරු කරන්නෙ දේශීයත්වය මත පදනම් වු පාලනයක් කෙරෙහි ලෝකයෙ ඇති නව නැඹුරුතාවයයි.” යනුවෙන් සඳහන් කර ඇති ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නව අගමැතිතුමා ප්‍රමුඛ රජයටත්, එක්සත් රාජධානියේ ජනතාවටත් ශුභාශිංසන එක් කර තිබෙනවා.

(Lanka Leads)