Thursday, July 03, 2025
Follow Us
මහින්ද වැඩ අරඹයි..දේශපාලන පලිගැනීම් සොයා බලන්න පංච පුද්ගල කමිටුවක්

පසුගිය ආණ්ඩුව මගින් සිදු කරන ලද දේශපාලන පළිගැනීම් ගැන පුළුල් ලෙස සොයා බලා එමගින් අසාධාරණ පත්වූ සියලු දෙනාටම සාධාරණය ඉටු කිරිම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක වේ.

පසුගිය ආණ්ඩුව සමයේදී විවිධාකාරයෙන් දේශපාලන පලිගැනීමට ලක්වූවන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් විපක්ෂ නායක කාර්යාලයේ දී ඔම්බුස්මන්ට ඒකකයක් පිහිටුවන ලදී. ඊට පැමිණිලි රැසක් ලැබුණු අතර එම සියලු පැමිණිලි ගැන සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටු කර දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පංච පුද්ගල කමිටුවට උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ.

(Lanka Leads)