Monday, February 09, 2026
Follow Us
Z-Score වෙනුවට පාසල් පදනම් කරගත් නව ක්‍රමවේදයක්!

උසස් පෙළ විභාගයෙන් පසු Z-Score ක්‍රමවේදය අනුව රජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට දැනට භාවිතා කරනු ලබන දිස්ත්‍රික් පදනම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම දිස්ත්‍රික් පදනම් වෙනුවට පාසල් පදනම් කර ගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

සෑම දරුවෙකු වෙනුවෙන්ම අධ්‍යාපන අවස්ථා ලබා දීම අරමුණු කරගනිමින් නව ක්‍රමවේදය හඳුන්වා දීමට නියමිතය.

වර්තමානය වන විටත් පළාත්, දිස්ත්‍රික්ක මෙන්ම පාසල් අතර ද අධ්‍යාපන ගුණාත්මකභාවයේ විවිධ විෂමතා පවතින හෙයින් දිස්ත්‍රික් පදනම් ක්‍රමවේදයෙන් බැහැරව පාසල් පදනම් කරගත් නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව නව ක්‍රමවේදය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කිරීමට නියමිතය.

(LNW)