Friday, July 04, 2025
Follow Us
වැලි ප්‍රවාහන බලපත් අහෝසි කිරීමෙන් පරිසරයට හානියක් නෑ - අගමැති

වැලි හා පස් ප්‍රවාහනය සඳහා තිබූ බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමය අහෝසි කිරීමෙන් පරිසර හානිය වැඩිවන බවට එල්ල වන චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, බලපත්‍ර අහෝසි කිරීම නිසා වැලි ප්‍රවාහනයේ වැඩිවීමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටින අතරතුර අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ප්‍රවාහනයට අවසර දී ඇතත් කිසිවෙකුටත් වැලි හා පස් කැණීම සඳහා අවසර ලබා දීන නොමැති බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ. බලපත්‍ර අහෝසි කිරීම නිසා මේ වනවිට වැලි සඳහා පැවති මිල අඩු වී ඇති බවත් එහි වාසිය සාමාන්‍ය ජනතාවට ලබා දී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

වැට් ඇතුළු බදු ගණනාවක් අඩු කිරීම නිසා එහි සහනය ව්‍යාපාරිකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ලබාදීමට හැකි වී ඇති බවද අගමැතිවරයා පවසනවා. විශේෂයෙන්ම කුළුබඩු ප්‍රති අපනයනය අත්හිටුවීම නිසා ගම්මිරිස් ඇතුළු කුළුබඩු සඳහා ගොවියාට හොඳ මිලක් ලැබී ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

(LNW)