Monday, February 09, 2026
Follow Us
නිවාස සංවර්ධන අධිකාරියට අත්තනෝමතිකව 4,500 ක් බඳවා ගැනීම ගැන පරීක්ෂණයක්

ඉකුත් සමයේ නිවාස සංවර්ධන අධිකාරියට අත්තනෝමතික ලෙස සේවකයින් බඳවාගෙන ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අතිරේක සේවකයින් 4,500 ක් පමණ එලෙස බඳවාගෙන ඇති බවයි.

මෙලෙස සේවකයින් අත්තනෝමතික ලෙස බඳවා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍ය චමල් රාජපක්ෂ මෙම අදහස් පළ කළේ හම්බන්තොටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

(NEth)