පළාත් සභා මැතිවරණය මානප ක්‍රමයට පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඒ සඳහා සෙසු දේශපාලන පක්ෂ සමඟද සාකච්ජා කර එකඟතාවයෙන් නව පනතක් ඉදිරිපත් කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
කාලය ඉක්මවා ගොස් තිබෙන පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමට එම නව පනත ගෙන ආ යුතු බව ඔහු පෙන්වාදෙයි.
මේ වන විට සම්මත වී සිටින කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමෙන් ගැටළු සහගත තත්ත්වයක් ඇති විය හැකි බවට දේශපාලන විශ්ලේෂකයන් පෙන්වාදී ඇති හෙයින් දැන් නව පනතක අවශ්‍යතාව මතුව ඇති බව අමාත්‍යවරයා කියාසිටියි.
ඒ අනුව නව පනතක් සම්බන්ධයෙන් සෙසු දේශපාලන පක්ෂ සමඟ සාකච්ජා කිරීමට රජය අවධානය යොමුකර තිබෙන බවද හෙතෙම පවසයි.
(LNW)