රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය නිකුත් කළ චක‍්‍රලේඛය අනුව රජයට සම්බන්ධ බැංකුවක සභාපතිවරයා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙතෙක් ඉල්ලා අස්වී නොමැති බව වාර්තා වනවා.
අදාළ චක‍්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු ප‍්‍රධාන රාජ්‍ය බැංකුවල අධ්‍යක්‍ෂ මණ්ඩල ද ඉල්ලා අස්වුණා. එහෙත්, අදාළ බැංකුවේ සභාපතිවරයා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය තවදුරටත් එම තනතුරුවල කටයුතු කරමින් සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
සමාගමේ ප්‍රකාශිත ගිණුම් වාර්තා වලට අනුව එම බැංකුව රුපියල් මිලියන 334 ක අලාභයක් ලබා තිබුණා. ජනාධිපති කාර්යාලය නිකුත් කළ චක‍්‍රලේඛය ද නොතකමින් එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය තවදුරටත් කටයුතු කරමින් සිටින්නේ එවැනි ගැටලූකාරී තත්ත්වයක් යටතේයි.
රාජ්‍ය ව්‍යවසායන්, රජයට අයත් සමාගම් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරු සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙමින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් අදාළ චක‍්‍රලේඛය නිකුත් කළේ ඉකුත් 28 වනදායි.
අභිනවයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩල පත් කරන තෙක් එම ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අදාළ චක‍්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබුණා.
(Neth)