Monday, February 09, 2026
Follow Us
පෝර්ට් සිටි ව්‍යාපෘතිය ආයෝජකයන්ට විවෘත කිරීම අද

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආයෝජකයන් සඳහා විවෘත කිරීම අද පස්වරුවේ සිදු කෙරෙනවා.

ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් වරාය නගර භූමියේ පැවැත්වෙන විශේෂ උත්සවයකදීයි.

මේ, ඒ පිළිබඳ කරුණු දැක්වූ නාගරික සංවර්ධන නිවාස පහසුකම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි‍්‍රයාද් බන්දු වික‍්‍රම.

මීට සමගාමීව අද රාති‍්‍රයේ විශේෂ මල් වෙඩි සංදර්ශනයක් ද පැවැත්වෙන බව ආචාර්ය පි‍්‍රයාද් බන්දු වික‍්‍රම වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, සෘජු විදේශ ආයෝජන මත සිදුකෙරෙන මෙරට විශාලතම ව්‍යාපෘතිය ද වනවා.

(Neth)