Thursday, May 02, 2024
Follow Us
MCC සහ SOFA සම්බන්ධයෙන් වූ පෙත්සම් සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි

ශ්‍රී ලංකා රජය - අමෙරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට නියමිත යැයි පැවසෙන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය, SOFA ගිවිසුම හෝ වෙනත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීම වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් මස 13 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) දින ලබා දුන්නා.

මෙම පෙත්සම විභාග කිරීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමු කරන බව විනිසුරු බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද නිවේදනය කළා.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබෙනවා.

එම පෙත්සම රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පස්දෙනෙකු විසින් ගොනු කළ අතර එහි වගඋත්තරකරු ලෙසට මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය නම් කර තිබෙනවා.

ACSA ගිවිසුම හෙවත් අත්පත් කරගැනීමේ හා අන්තර්සේවා සැපයීමේ ගිවිසුම 2007 වර්ෂයේ දී අමෙරිකාව සහ මෙරට ආරක්ෂක අමාත්‍යාංශය අතර ඇති වූ බවත් එය 2017 වර්ෂයේ දී දීර්ඝ ගිවිසුමක් බවට පත් වන බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

යෝජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් ඇමරිකාවා මෙරට ස්ථානගත වී මෙරට ජනතවගේ අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි බව පෙත්සම්කරු පවසා සිටියි.

මෙම ගිවිසුම් තුළින් පෙත්සම්කරුවන්ගේ සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටියි.

(Neth)