Thursday, May 02, 2024
Follow Us
MCC ගිවිසුම අත්සන් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශය පවරා ගන්න! – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව ජනපතිට ලියයි

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිත ගිවිසුම අද මෑත දිනයකදී අත්සන් කිරීමේ සූදානමක් ඇති බවට තමන් වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබුණු බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව පවසයි.

ගරු ජනාධිපතිතුමන් වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් මේ බව පවසා ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් මෙම ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක් ඇති බවත් එම අමාත්‍යාංශයට මෙම ගිවිසුම අත්සන් කිරීමේ බලයක් නොමැති බවත් පෙන්වාදෙන එම සංගමය මුදල් අමාත්‍යාංශය තමා යටතට පත්කර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

(Lanka leads)