Thursday, May 02, 2024
Follow Us
ආන්දෝලනාත්මක ගිවිසුම යළිත් කැබිනට් සාකච්ඡාවට එන ලකුණු

කතාබහට ලක්ව ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳ අද (05) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදි යළි සාකච්ඡාවට ලක් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. එම ගිවිසුම සඳහා ඉකුත් සතියේ පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමි වුණා. කෙසේවෙතත් පාර්ශ්ව රැසකින් එල්ල වු විරෝධතා හමුවේ ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය මංගල සමරවීරට දැනුම් දී තිබුණේ ජනාධිපතිවරණයට පෙර අදාළ ගිවිසුම අත්සන් නොකරන ලෙසයි.

මේ අතර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද සමරසිංහ අදහස් පළ කරමින් සඳහන් කළේ පනතක් ඉදිරිපත් කිරීමේන් මෙම ගිවිසුම ගැන පාර්ලිමේන්තුවේදී විනිවිදභාවයකින් යුතුව අධ්‍යනය කළ හැකි බවයි.

මේ අතර ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තැබීමට පෙර යෝජිත කෙටුම්පත ජනතා මතය සඳහා ඉදිරිපත් කළ යුතු බවයි. එම ගිවිසුම අත්සන් තැබීමට රජය කටයුතු කළහොත් නිදහස් ස්වෛරී රාජ්‍යයක් ලෙස ශී‍්‍ර ලංකාවට බරපතල ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මෙම ගිවිසුමේ ගැටළු සම්බන්ධයෙන් මීට පෙර ලිපියක් මගින් ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය අග‍්‍රාමාත්‍යවරයාද දැනුවත් කර තිබුණා.

(Neth)