Monday, February 02, 2026
Follow Us
තැපැල් ඡන්දයේ තවත් අදියරක් අද

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව දිවයිනේ සියලු පොලිස් ස්ථානවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (04) සහ හෙට (05) සිදු කෙරෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ජනාධිපතිවරණ රාජකාරියේ යෙදෙන නිලධාරීන් මෙලෙස අද දිනයේ සිය තැපැල් ඡන්දය සිදු කරන බවයි. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර ඉකුත් 31 වනදා සහ 01 වනදා සිදු කෙරුණා. එම දිනයන්හිදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ලබන 07 වනදා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ද තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

(Neth)