Saturday, February 21, 2026
Follow Us
දිවයිනේ දීර්ඝතම විදුලි කප්පාදුව අද - පැය 10යි

විදුලිය කැපෙන්නේ මෙහෙමයි


අද (30) දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

(29) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ හෙට (30) උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බවයි.

එය දිවයින පුරා විවිධ කාලපරාසයන් හිදී සිදුකෙරෙනු ඇත.

A සිට L දක්වා වූ කලාපවල උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10ක විදුලි කප්පාදුව ක්‍රියාමක් අතර P සිට W දක්වා කලාප සඳහා ද පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවෙනු ඇත.
ඊට අමතරව M,N,O,X,Y,Z ලෙස අලුත් කලාප කිහිපයක් ද එකතු වී තිබේ.

එම කලාපවල උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය අතරතුර අදාළ විදුලි කප්පාදුව සිදුවෙනු ඇත.

(Aruna)