Sunday, February 22, 2026
Follow Us
පාසල්වල කැන්ටින් යළි විවෘත කරන්න අවසර

පාසල් විවේක කාලයේ වෙනසක්


පාසල් තුළ ඇති ආපන ශාලා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දී තිබේ. ආපන ශාලා විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කර ඇත. එම මාර්ගෝපදේශවලට අනුව, එක් එක් පන්ති සඳහා වේලාවන් වෙන්කර විවේක කාලය ලබාදිය යුතුය.

එසේම පන්තියක් සඳහා එක් ශිෂ්‍යයකු ආහාරපාන ඇණවුම් ලබාදීම සිදුකළ යුතු බවත් නියමිත වේලාවට ආහාර සූදානම් කර සෞඛ්‍ය ආරක්ෂිතව පන්තිවලට සැපයීමට ආපනශාලා හිමිකරුවන් ක්‍රියා කළ යුතු බවටත් එම නිර්දේශවල සඳහන් වෙයි. මෙම සියලු කටයුතු දුරස්ථභාවය පවත්වාගෙන සිදුකළ යුතු බවට සෞඛ්‍ය අංශ දැනුම් දී තිබේ.

(Aruna)