Sunday, February 22, 2026
Follow Us
මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව අද විවෘත කෙරේ

දේශීය සිමෙන්ති කම්හල් 06 අතරට අලූතින් එක්වන නව කර්මාන්තශාලාව


හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක භූමිය පුරා ඉදිවන ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක්වන නව කර්මාන්තශාලාව අද විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව මෙරට කර්මාන්ත අමාත්‍යංශයේ ලියාපදිංචි දේශීය සිමෙන්ති කම්හල් 06 අතරට අලූතින් එක්වන නව කර්මාන්තශාලාව මෙය වේ.

හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබුවේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදීය.

මෙම නව සිමෙන්ති කම්හල මගින් වසරකට මෙටි්‍රක් ටොන් මිලියන 2.4 ක සිමෙන්ති ධාරිතාවක් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

(Aruna)