Thursday, March 28, 2024
Follow Us
ඥානසාර හිමි නිදහස්

සිර දඬුවම් විඳිමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපතිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමේ ලිපියට මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කථිකාචාර්ය ඩිලන්ත විතානගේ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ද ඒ බව සනාථකර සිටියේය.

උන්වහන්සේට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බරපතල වැඩ සහිතව අවුරුදු 19ක සිර දඬුවමක් වසර 06කින් ගෙවී යන ලෙස අභියාචනාධිකරණය විසින් දඬුවම් නියම කර තිබිණි.

(Mirror)