පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබෙනවා.
එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස සඳහන් කළේ ජනාධිපතිවරයාට ලිඛිතව ඒ පිළිබඳ දැනුම් දී ඇති බවයි.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට හැකි දිනයක් හා වේලාවක් ලබා දෙන ලෙස ද මෙහිදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපතිවරයා ඒ සඳහා දිනයක් ලබාදුනහොත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා ප‍්‍රශ්න කිරීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි නලින්ද ජයතිස්ස මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ .
කෙසේවෙතත් තමන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී නොසිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී නොසිටියහොත් එහි අවසන් වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය අගෝස්තු මස 23 වන දින අවසන් වීමට නියමිතව තිබුණ ද, එය සැප්තැම්බර් මස 30 වන දින දක්වා දීර්ඝ කිරීමට පසුගියදා පියවර ගනු ලැබුවා.
(Neth)
 
     