වසර 2015න් පසුව විල්පත්තු වනය කපාදමා විනාශ කර නොමැති බව පරිසර හා මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
වසර 2014 දී විල්පත්තුවේ අක්කර පන්සිය පනහක් කපාදමා වන විනාශයක් සිදුකළ බවට විගණකාධිපති වාර්තාවේ සඳහන් බවත් රාජ්‍ය ඇමැතිවරයා සිහිපත් කළේය.
ප්ලාස්ටික් වතුර බෝතල්වල මූඩියට උඩින් දමා තිබෙන වැස්ම තහනම් කිරීමට නියමයන් නිකුත් කරන බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා, දිනකට වතුර බෝතල් මිලියන දහයක් පමණ පරිහරණය වන බවත් ඒ අනුව මිලියන දහයක වැස්ම පොළවට පතිත වන බව අවධාරණය කළේය. මෙය ප්‍රබල පරිසර දූෂණයක් බව පෙන්වාදුන් ඇමැතිවරයා, ප්ලාස්ටික් පොලිතින් වැනි දෑ දිරීමට වසර පන්සියයක් පමණ ගතවන බවත් ප්‍රකාශ කළේය.
රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා ඊයේ (05) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡවේදී මේ බව පවසමින් වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ප්‍රතිචක්ක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය පරිසරයට මුදාහැර පරිසර දූෂණය පිටුදකිනවා. ඒ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්ලාස්ටික්, වීදුරු යනාදී ප්‍රතිචක්ක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය මිලදී ගැනීමේ මධ්‍යස්ථාන තිස්දෙකක් විවෘත කරනවා. එම වැඩපිළිවෙළ ලබන 15 දා ගම්පහින් එළිදක්වනවා. ස්ථාන තිස්දෙකකදී මිලදී ගැනීම් සිදුවනවා.
අපද්‍රව්‍ය බවට පත්වෙන ප්ලාස්ටික් බෝතල් අපනයනය කිරීමට පුළුවනි.
වනාන්තර යළි ඇතිකිරීමට ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා. ඒ යටතේ වනාන්තර ලෙස පත්කළයුතු හෙක්ටයාර් අනූපන්ලක්ෂයක් හඳුනාගෙන තිබෙනවා. හෙක්ටයාරයක වනවගාවට රුපියල් ලක්ෂ හතරක් වැය වෙනවා. පෞද්ගලික ආයතන සමඟ එක්වී වන වගාව ක්‍රියාවට නංවනවා. මෙහිදී පෞද්ගලික අංශයට ඉඩම් විකිණීම, බදුදීම සිදුවන්නේ නෑ. වනසංරක්ෂණයට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම පමණයි සිදුවන්නේ.
වසර 2010 වන විනාශය සියට විසිනමයයි දශම හතයි පහකි. සති දෙකකට පෙර කරන ලද සංගණනයකට අනුව වන විනාශය සීයට විසිනමයයි දශම තුනක ඉතා සුළු ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා.
ජනාධිපතිතුමාගේ වනය සුරැකීමේ වැඩසටහන යටතේ වන වගා කළ යුතු බවට තීරණය වී තිබෙන මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් එක්ලක්ෂ හතළිස් අටදහසකි.
රාජ්‍ය ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීන් අසනු ලැබූ ප්‍රශ්න සහ ලැබුණ පිළිතුරු මෙසේය.
ප්රශ්නය - මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිගේ පුතා කන්ටේනර් ගෙන්වනු ලැබූ ආයතනයේ සිටිනවා.
පිළිතුර - ඒවා ගැන මම දන්නේ නෑ. කාටත් නීතිය එක සමානව දැන් ක්‍රියාත්මක වෙනවා. මතකද මීගමුවේ කුඩු ඇල්ලීමට පොලිසිය ගිය අවස්ථාවේදී එවකට හිටපු ජනාධිපතිවරයා පුද්ගලයකු බදාගත්තා. දැන් අවනීතිය නෑ. වර්තමාන ජනාධිපතිතුමා එසේ කරන්නේ නෑ. නීතිමය කටයුතුවලට ඇඟිලි ගසන්නේ නෑ. එතුමාගේ කාර්ය මණ්ඩල නිලධාරිවරයාග් අල්ලස් සිදුවීමේදී කිසිම මැදිහත්වීමක් සිදුකළේ නෑ. වසර 2015ට පසු අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා.
ප්රශ්නය - සිංහරාජ වන විනාශය පිළිබඳ පරිසර සංවිධාන අදහස් පළකරනවා.
පිළිතුරු - පරිසර සංවිධාන හුවා දක්වන වන විනාශ සිංහරාජයේ සිදුවන්නේ නෑ. පිටරටවලින් මුදල් ලබාෙගන එම සංවිධාන කෑගසනවා. මම ඔවුන් සමඟ කතා කළා. සිංහරාජය පිළිබඳව හරියාකාර වැටහීමක් ඒ අයට නෑ.
ප්රශ්නය - රංජිත් සොයිසා මන්ත්‍රීවරයා කෑලෑ කැපුවා.
පිළිතුර - එය සිදුකර තිබෙන්නේ ඔහුගේ පෞද්ගලික ඉඩමක. නමුත් පෞද්ගලික ඉඩමක වුවත් එසේ කිරීමට පෙර පරිසර අධිකාරිය දැනුවත් කළ යුතුයි. ජල මූලාශ්‍ර යනාදිය ගැන එවිට සොයා බලනවා. හිතුමතේට පෞද්ගලික ඉඩමක වුවත් වන විනාශය කළ නොහැකියි. ඒ සඳහා ඔහු කෙසේ හෝ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ගෙන තිබෙනවා. එහෙත් ඔහු සිදුකර තිබෙන ක්‍රියා කලාපය පිළිබඳව පරීක්ෂණ දිගටම සිදුවෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සහ සන්නිවේදන ඒකකයේ ප්‍රධානී නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාද මේ අවස්ථාවට සහභාගි වූහ.
(Dinamina)