Monday, May 06, 2024
Follow Us
කොවිඩ් එන්නත් ලබාගැනීමට සම්බන්ධිකරණ කටයුතු ලලිත් වීරතුංගට

විදෙස් රටවල නිපදවා තිබෙන කොවිඩ් එන්නත් පිළිබඳව විස්තරාත්මක අධ්‍යනයකින් අනතුරුව අදාල රටවල් සහ මෙරට සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා ඇත.

චීනය, ඇමරිකාව ,එංගලන්තය යන රටවල් කොවිඩ් එන්නත් නිපදවා තිබේ.

මේ බව දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව ජනාධිපති කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවේදී තීරණය ගෙන ඇති අතර ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

කොවිඩ් එන්නත දිය යුතු පිරිස අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුව තීරණය කරන බව පැවසෙනවා.

කෙසේ වෙතත් වතු ,මහල් නිවාස, නේවාසිකාගාර අශ්‍රිතව රෝගය පැතිරයාමේ ඉහල අවධානමක් සහිත කණ්ඩායම් පිළිබඳව දත්ත රැස්කිරීමට තීරණය කර ඇත.

(Aruna)