Tuesday, May 07, 2024
Follow Us
සෞඛ්‍ය ප‍්‍රවර්ධන නිලධාරියෙක් සෑම පාසලකටම

ගුරු සංගම් චෝදනා කළද පාසල් සිසුන්ගේ ආරක්‍ෂාව සදහා නිසි සෞඛ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් පැවසුවේ පාසල් විවෘත කිරීමට පෙර සිසුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සදහා නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

විවෘත කෙරෙන පාසල්වල සිසුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ.

බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර අනෙකුත් ප‍්‍රදේශවල පාසල්වල ප‍්‍රාථමික අංශ ලබන ජනවාරි 11 වනදා සිට යළි ආරම්භ කෙරෙනවා. එදින සිට පෙර පාසල් සහ දිවා සුරැුකුම් මධ්‍යස්ථාන ද යළි විවෘත කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත්තේ. උපකාරක පන්ති පැවැත්වීම සදහා අවසර ලබාදීම පිළිබද ලබන ජනවාරි 25 වනදා වනවිට තීරණයක් ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)