Friday, November 14, 2025
Follow Us
කෑගල්ලේ කොරෝනා පැණියට රාජ්‍ය අනුග‍්‍රහය මෙතෙක් ලබා දී නැහැ -  රජයෙන් ප‍්‍රකාශයක්

කොරෝනා වෛරසයට එරෙහිව කෑගල්ල වෙද මහතා නිපදවන ලද කියන දේශීය ඖෂධය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත‍්‍ර කමිටුව විසින් අනුමත කළ පමණින් එය භාවිත කළ නොහැකි බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව එම ඖෂධය භාවිත කිරීමෙන් රෝගය සුව කිරීමට හැකි දැයි පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර විදේශ සංචාරකයන් සදහා ලබන 26 වනදා සිට ජනවාරි 19 වනදා දක්වා ගුවන් තොටුපොල විවෘත කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සමාගම්, ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තුවලින් නිදහස් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඒ සම්බන්ධයෙන්ද කරුණු දැක්වූවා.

(Neth)