Thursday, January 15, 2026
Follow Us
විදෙස් සංචාරකයන්ට පැමිණීමට අවසර

ගුවන් තොටුපල කටයුතු නැවත ආරම්භ කිරීමෙන් අනතරුව පැමිණෙන පළමු සංචාරකයින් කණ්ඩායමකට මෙරටට පැමිණීමට අවසර ලබා දී ඇත.

ඒ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කරනවා. රුසියානු සමූහාණ්ඩුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව එම අවසරය ලබා දී ඇති බව ඔහු සඳහන් කරනවා.

මේ අනුව ප්‍රථමයෙන් සංචාරකයින් 200ක් ලබන 26 දා කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණෙනු ඇති.

(Aruna)