විදේශීය ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් රජයට කිසිදු ගැටළුවක් මතු වී නොමැති බව මුදල් හා ප‍්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් පවසනවා. අනුරාධපුර ප‍්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
'
විදෙස් ණය ලබාගැනීමට වඩා හැකිතාක් ආයෝජකයින් ගෙන්වා ගැනීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වන බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, රත්නපුර ප‍්‍රදේශයේ ඊයේ පැවති වැඩ සමග යළි ගමට ව්‍යාපෘතියේ සබරගමුව පළාත් වැඩසටහනට එක්වෙමින් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ද විදේශීය ණය ගෙවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
(Neth)