ජනවාරි මස දෙවැනි සතියේ පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් ඊට අනුමැතිය ලබා දී නැත.
සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණ අතර එහිදී තීරණය වූයේ පාසල් යළි විවෘත කිරීම පිළිබඳව දෙසැම්බර් 31 වැනිදායින් පසු යළි සාකච්ඡා කර තීරණයක් ගැනීමටය.
උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා දිවයින පුරා සියලු පාසල් පැවැත්වීම වඩාත් උචිත බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දුන් අතර එය සෞඛ්‍යාරකෂිත විය යුතු බවද අවධාරණය කර සිටියහ. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පුණරීක්ෂණ පන්ති පැවැත්වීමට අවසර ඉල්ලා සිටියද සෞඛ්‍ය අමාත්‍යාංශය ඊටද අවසර ලබා දී නැත.
පාසල් දරුවන් බස් රථවලින් පැමිණීම ඉතා අවදානම් බැවින් කොවිඩ් පොකුරු ඇති වීමේ අවධානමක්ද තිබෙන බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ. ජනතාවගේ හැසිරීම මත කොවිඩ් පාලනය කිරීමට හැකි වුවහොත් කඩිනමින් පාසල් විවෘත කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහස් වී තිබේ. පුනරීක්ෂණ පන්ති රූපවාහිනි නාළිකා ඔස්සේ ප්‍රචාරය කරන ලෙසද සෞඛ්‍ය බලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.
(Aruna)