Saturday, November 15, 2025
Follow Us
පොල් තෙල් බදු වංචාවෙන් රජයට ලක්ෂ 1758ක් අහිමි වෙලා

පිරිසුදු පොල්තෙල් ආනයනයේ දී කිලෝග්‍රෑමයකට ලබා දුන් රුපියල් 25ක සහනය නව බදු සංශෝධනයේ දීද ලබා ගනිමින් ප්‍රබල ව්‍යාපාරිකයකු රජයට රුපියල් ලක්ෂ එක්දහස් හත්සිය පනහක (1750) ක බදු වංචාවක් සිදු කර තිබේ.

පසුගිය ජුනි 26 දින නිකුත් කළ අංක 2181/23 දරන ගැසට් පත්‍රය මගින් පොල්තෙල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 150ක බද්දක් අයකර ඇත.

පසුව ජූලි 10 දින නිකුත් කළ අංක 2183/44 දරන ගැසට් පත්‍රය මගින් පොල්තෙල් ආනයනය කිරීමේ දී කිලෝග්‍රෑමයකට රුපියල් 25ක සහනයක් ලබා දී තිබේ. ඒ අනුව මීට පෙර පැවැති කිලෝග්‍රෑමයක් සඳහා වූ රුපියල් 150ක බද්දෙන් රුපියල් 25ක සහනයක් අඩු කළ පසු රුපියල් 125ක් කිලෝග්‍රෑමයකට බදු අය කර ඇත.

කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් 14 වැනිදා යළි නිකුත් කළ රජයේ නිවේදනය අනුව ඊට පෙර නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කරමින් සඳහන් කර ඇත්තේ පොල්තෙල් කිලෝග්‍රෑමයකට රුපියල් 125ක බද්දක් අය කරන බවයි.

එසේ මෙතෙක් අදාළ ව්‍යාපාරිකයා ඒ වන විට වරායේ ආනයනය කර තිබූ මෙට්‍රික්ටොන් 7000ක තොගය නිදහස් කර ගැනීමට ජුනි 10 දින නිකුත් කළ ගැසට්ටුවට අනුව පොල්තෙල් කිලෝග්‍රෑමයකට රුපියල් 25ක සහනයද ලබාගෙන තිබේ. ඒ අනුව දැනට කිලෝ ග්‍රෑමයකට අයකරන රුපියල් 125ක බද්දෙන් එම සහන 25 අඩු කර බදු ගෙවා නිදහස් කර ගෙන ඇති බවද වාර්තාවේ.

(Aruna)