Thursday, January 15, 2026
Follow Us
ජනතා ගැටළු වලට ජනපතිගෙන් විසඳුම්

ගම සමග පිළිසදර 03 වන අදියර අද (18) බලංගොඩ ඉඹුල්පේ රාවණාකන්ද ග්‍රාම නිලධාරී වසමේ තෝරවෙල්කන්ද විද්‍යාලයේදී පැවැත් වුණි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවේදී ජනතාව ඉදිරිපත් කළ ගැටළුවලට ජනාධිපතිවරයා කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ප්‍රධාන වශයෙන් ග්‍රාමීය පානීය ජල, මහා මාර්ග හා සෞඛ්‍ය අංශවල ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

(Aruna)