ලබන 26 වනදා සිට සංචාරකයින් සඳහා මෙරට ගුවන් තොටුපළ විවෘත කිරීමට හැකි තත්ත්වයක් මේවනවිට පවතින බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. ඔහු කියා සිටියේ එදින සිට ඕනෑම ගුවන් සේවයකට, ඕනෑම රටක සිට සංචාරකයින් මෙරටට ගෙන ඒමට පහසුකම් සලසන බවයි. කෙසේවෙතත්, සති 02 ත්, 03 ත් අතර කාලයක් එම තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු එහිදී මතුවන ගැටළු ද සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් නව සැලසුමක් සකස් කරන බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස නෙත් නිවුස් වෙත කියා සිටියේ කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපළවල මෙහෙයුම් සඳහා අවසර ලබාදෙන බවයි. පළමු අදියරේදී මෙරටට පැමිණීමට අවසර ලබාදී ඇත්තේ ස්ථිර කාළ සටහනකින් තොරව ගමන් ගන්නා ගුවන් යානා සඳහායි.
මේ අතර නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව කටාර් සහ ජපානයේ සිටි තවත් පුද්ගලයින් 205 දෙනෙකු අද මෙරටට පැමිණියා.
(Neth)