රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්, විශ‍්‍රාමිකයන්, සමෘද්ධිලාභීන් සහ ස්වයං රැකියාවල යෙදෙන්නන් සඳහා වන පරිපූරක උත්සව ණය පහසුකම් යෝජනා ක‍්‍රමය අද සිට කි‍්‍රයාත්මක කරන බව රාජ්‍ය බැංකු පවසනවා. මහා භාණ්ඩාගාරය, රාජ්‍ය බැංකු වෙත උපදෙස් ලබා දී තිබුණේ අදාල ණය යෝජනා ක‍්‍රමය වහාම කි‍්‍රයාත්මක කරන ලෙසයි.
ඒ අනුව මෙම ණය පහසුකම ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ ප‍්‍රදේශීය සංවර්ධන බැංකුව හරහා සියයට 0.625 ක මාසික පොලී අනුපාතයකට ලබා දෙනු ඇති. ණය ආපසු ගෙවීම, ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ වී මාසික වාරික 10 කට යටත් වන බවයි මුදල් අමාත්‍යංශ්‍ය පැවසුවේ.
ඒ අනුව මසකට රුපියල් 50,000 කට වැඩි වැටුප් හෝ ආදායම් ලබන්නන් සඳහා රුපියල් 50,000 ක ණය මුදලක් ලබා ගැනීමට හැකි වනවා. මසකට රුපියල් 25,000 ත් 50,000 ත් අතර වැටුප් හෝ ආදායම් ලබන්නන් සඳහා රුපියල් 25,000ක ණය මුදලක් ලබා ගත හැකියි. මසකට රුපියල් 25,000 කට අඩු වැටුප් හෝ ආදායම් ලබන්නන් සඳහා ලබා ගත හැකි ණය මුදල රුපියල් 10,000 ක්.
එම ණය පහසුකම ලබාගැනීමට කැමති රජයේ හෝ පෞද්ගලික සේවාවන්වල යෙදෙන සේවකයන්ට, එම කටයුතු පහසු කිරීම සඳහා අදාළ සේවා ආයතනවල ප‍්‍රධානීන් සිය සේවකයන්ගේ සහතික කළ නාමලේඛණය තම සේවා ස්ථානය ආසන්නයේ පිහිටි අදාල රාජ්‍ය බැංකුවක් වෙත ඉදිරිපත් කිරීම ප‍්‍රමාණවත්. උත්සව සමයේ දී අවශ්‍ය කටයුතු සඳහා මෙම ණය පහසුකම යොදා ගැනීමට හැකිවන සේ අදාල බැංකු විසින් එම ණය මුදල සේවකයන්ගේ ගිණුම්වලට බැර කරනු ඇති.
විශ‍්‍රාමලාභීන් සඳහා විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ද, සමෘද්ධිලාභීන් සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ද, මෙම ණය පහසුකම ලබා ගැනීමට හැකි වනවා. නිර්දේශිත රාජ්‍ය බැංකුවල තම ගිණුම් පවත්වාගෙන යන තී‍්‍රරෝද රථ, පාසල් වෑන් හා බස්රථ හිමියන්, පෞද්ගලික බස්රථ සේවකයන් සඳහා ද, තමන්ගේ බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත සිය ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර, එම සහන ණය මුදල සඳහා ඉල්ලූම් කළ හැකියි.
(Neth)