Thursday, January 15, 2026
Follow Us
කොවිඩ් ප්‍රතිකාර රෝගීන්ට අවැසිනම් තනි කාමර

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා හෝටල් කුලියට ගෙන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට ලංකා රෝහල හා නවලෝක රෝහල එකඟ වී ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

රෝග ලක්ෂණ නොමැති රෝගීන් සඳහා මේවායෙහිදී ප්‍රතිකාර ලබාදෙන බවත් දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් 8925න් සියයට 65කට ආසන්න පිරිසක් රඳවා ඇත්තේද මෙවැනි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල බවත් හෙතෙම පෙන්වා දෙයි.

රජයේ රෝහල්වල ප්‍රතිකාර ලැබීමට අකමැති හා තනි කාමර පහසුකම් බලාපොරොත්තු වන පිරිස්වලට කොවිඩ් ප්‍රතිකාර ලබාදීම සඳහා පෞද්ගලික රෝහල් වෙත පවරාදීමට රජය අවසර දුන්නේය.

(Aruna)