උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වලට සුදුසු යයි කිසිතැනක තහවුරු වී නැති බවත් එය විද්‍යාත්මකව තහවුරු කරන තෙක් කොරෝනා සඳහා යොදා ගැනීම සුදුසුද නැද්ද යන්න පැවසිය නොහැකි බවත්ය.
ඇය වැඩිදුරටත් පවසා සිටින්නේ හෙළ වෙදකම් වල සාර්ථක අසාර්ථක භාවය විද්‍යානුකූලව පරීක්ෂණ කළ පසු ඒවා කොරෝනා සදහා සුදුසුද නැද්ද යන්න පැවසිය හැකි බවයි.
එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ හෙළ වෙදකම මෙරට වසර ගණනාවක් තිස්සේ පැවත එන එකක් බැවින් කෙන්කුට තමන් කැමති බෙහෙතක් පානය මේ අයිතියක් පවතින බවයි.
(Lanka Leads)