Wednesday, January 14, 2026
Follow Us
උත්සව සමයේදී ප්‍රිය සම්භාෂණ පවුලේ අයට පමණක් සීමා කරන්න - පොලිසිය මහජනතාවගෙන් ඉල්ලයි

එළඹෙන උත්සව සමයේදී සිදුකිරීමට අපේක්ෂිත සියලූ සැමරුම් නිරෝධායන රීති අනුව සිදුකරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සාද වැනි දෑ පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.

තවදුරටත් හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

මේ අතර මුහුණු ආවරණ නොපැළඳීම සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ගතවු පැය 24 දී පුද්ගලයින් 55 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවේ.

(Neth)