කොරෝනා වෛරසය ආසාදිතව මියයන මුස්ලිම්වරුන්ගේ මෘතදේහ භූමිදානය සඳහා මාලදිවයින් රජයෙන් සහය ඉල්ලා ඇත්ද යන්න සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡුාවට ලක් නොවූ බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
එම මෘතදේහ සම්බන්ධයෙන් රජය කටයුතු කරන්නේ ඒ පිළිබඳ සොයා බලා නිර්දේශ ලබාදීමට පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශවලට අනුව පමණක් බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ.
කෙසේවෙතත්, කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම්වරුන්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා පහසුකම් සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශහීඞ්, ට්විටර් සටහනක් තබා තිබුණා.
ඒ සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කිහිපයක් යොමු කළා. ඒ පිළිබඳ කැබිනට් මණ්ඩල තුළ සාකච්ඡුා නොවූ බවත්, අදාළ කරුණ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරියේදී පැහැදිළි කිරීමක් සිදුකරනු ඇති බවත්, ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් සඳහන් කළා.
(Neth)