Wednesday, January 14, 2026
Follow Us
ජනතාවගේ හැසිරීම අනුව රට වසා දමනවාද විවෘතව තබනවාද යන්න තීරණය වේවි

කොරෝනා පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ ඉදිරි උත්සව කාලයේ දී ජනතාව විශාල වශයෙන් වීදි වලට බැස හැසිරුණහොත් රට වසා දැමීමට සිදු වනු ඇති බවයි.

යුද හමුදාපතිවරයාට අනුව කොරෝනා වෛරසය මේ මාසයේදීද පැවතිය හැකි වුවත් ලබන මාසය වන විට බොහෝ දුරට පාලනය විය හැකි යාවක් පවතී.එසේම කොරෝනා පැතිරුණු ලොව වෙනත් රටවල් දෙස බැලීමේදී ශ්‍රී ලංකාව හොඳ තත්වයක සිටින බවද මේ තත්වයට කොරෝනා පාලනය කර ගැනීමට හැකි වූයේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල කැපවීම මත බවද ඔහු පෙන්වා දෙයි.

“රට වසා දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. නමුත් රට තුළ විශාල වශයෙන් උත්සව ගැනීමටද හැකියාවක් නැහැ.” යනුවෙන් යුද හමුදාපතිවරයා කියා සිටියේය.

(Lanka Leads)