Friday, November 14, 2025
Follow Us
ජීවන වියදම පහත හෙළීම ලේසි පහසු කාර්යයක් නොවයි – වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන

දෙවැනි ලෝක යුද්ධයටත් වඩා දරුණු අන්දමින් කොරෝනා වසංගතය පැතිරී ලෝකයේ බලවත් රටවල් පවා අද විශාල ආර්ථික අහේනියකට පත්ව තිබියදී ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම පහත හෙළීම විශාල ප‍්‍රශ්නයක් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජීවන වියදම පහත හෙළීම ලේසි පහසු කාර්යයක් නොවන බවත් දැන් අපට තිබෙන්නේ රටේ තත්ත්වය ගැන සළකා වහ වහා දේශීය ව්‍යාපාර ක‍්‍රියාත්මක කිරීම බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)