Wednesday, January 14, 2026
Follow Us
උත්සව සමය සැමරීම පවුලේ අයට පමණයි

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම වසරේදී උත්සව සමය සැමරීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

මෙවර උත්සව සමය සැමරීමේදී එය පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කර නිරෝධායන නීතිරීතිවලට සියයට සියක් අනුගතව එම කටයුතු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය. සති අන්තයේ බස්නාහිර පළාතෙන් සෙසු පළාත් වෙත සිදුකරන සංචරණය හැකි තරම් සීමා කරන ලෙසත් අත්‍යවශ්‍යම කරුණකට හැර නිවෙස්වලින් බැහැරව යාම සීමා කරන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය. කණ්ඩායමක් හෝ සමූහයක් ලෙස කටයුතු කිරීම කොවිඩ් 19 ව්‍යාප්තියට හේතුවක් වන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

(Aruna)