Friday, November 14, 2025
Follow Us
රාජ්‍ය අමාත්‍යංශ 39කට ලේකම්වරු

රාජ්‍ය අමාත්‍යංශ 39කට අදාලව අමාත්‍යංශ ලේකම්වරුන් පතිකිරිම සිදුකර තිබේ. මිට අදාලව ගැසට් නිවේදනය නිකුත්කර ඇති අතර අමාත්‍යංශ ලේකම් වරුන් පත්කිරීම නොවැම්බර් මස 25වන දින සිට වලංගු බව සඳහන් වනවා.

මේ අනුව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පත්කර ඇති අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පකර තිබේ.

වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.පී.ජී. කුමාරසිරි මහතාත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජී.සී. කරුණාරත්න මහත්මියත්, ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්.උඩුවාවල මහතාත් පත්කර ඇති බව පැවසෙනවා.

(Aruna)