Wednesday, January 14, 2026
Follow Us
කම්කරු ආරවුල්වලට මාස තුනෙන් විසඳුම්

කම්කරු නිලධාරීන් වෙත ලැබෙන කාර්මික ආරවුල් මාස 3 ක් තුළ විසදිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ජා වකදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.

කිසිදු පාර්ශවයකට එම කාර්මික ආරවුල් කල් දැමීමට ඉඩ නොදිය යුතු බවයි කම්කරු අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, රාජ්‍ය සේවයේ ආරවුල් විසදීම සඳහා වන නව යාන්ත‍්‍රණයක් සකස් කිරීමට ඉකුත්දා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවේ නව යාන්ත‍්‍රණය සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ද සහය හිමිවී ඇති බවයි.

(Neth)