පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් ලබාදී ඇත.
අද පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර පැවැති සාකච්ඡාවේදී අග්‍රාමත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.
මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සදහන් කළේ මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යංශ මට්ටමින් සිදුකළ යුතු බවයි.
අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මැතිවරණ පැරණි හෝ නව ක්‍රමයට පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසයි.
මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටයේ මැතිවරණ පැවැත්වීමට කටයුතු කිරීම පහසු වනු ඇති බව කොමිසමේ සාමාජිකයින් පෙන්වා දී තිබේ.
ඒ සම්බන්ධයෙන් මේ වන විට කථානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
(Aruna)