Wednesday, January 14, 2026
Follow Us
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සඳහා පෞද්ගලික රෝහල් වලට අවසර ලබාදීම අද හෙටම - හමුදාපති

කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදු කරන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය සඳහා පෞද්ගලික අංශයටත් කඩිනමින් අවසර ලබාදීමට කටයුතු කරමින් සිටින බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

"මේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය මෙතෙක් අපි පෞද්ගලික ක්ෂේත්‍රයට ලබාදීලා නෑ. නමුත් පෞද්ගලික ක්ෂේත්‍රයටත් මෙය ලබාදීමේ ක්‍රමවේදයක් - ඒ කියන්නෙ මේකෙ අවශ්‍යතාවය කෙසේ හෝ වැඩි ප්‍රමාණයක් පරීක්ෂණ කරලා හැකි ඉක්මනින් මේ ඉන්න ආසාදිතයින් සොයාගෙන ඔවුන් ඉවත් කරලා සෙසු ජනතාව නිදහස් කිරීමට කටයුතු කිරීමයිනෙ - ඒක හින්දා ඊයේ සවස් භාගයේදී මම සාකච්ඡා කළා සෞඛ්‍ය අමාත්‍යතුමියත් එක්ක. ඉතිං ඒ අනුව බොහෝදුරට අපි අද සාකච්ඡාවක් කරලා පෞද්ගලික ක්ෂේත්‍රයත් යම්කිසි ආකාරයකට සම්බන්ධ කරගෙන මෙය වැඩිදියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසුවේ අද (10) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සමග සම්බන්ධ වෙමිනි.

 

(LNW)